කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධ අසත්‍ය ප්‍රචාර පළ කළ බව කියන යුද හමුදාවේ හිටපු කපිතාන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ අංශය මගින් පෙරේදා (07 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
රජය අපහසුතාවට පත්වන අයුරින් මුහුණු පොත ඔස්සේ කළ අසත්‍ය ප්‍රචාර සම්බන්ධව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
සැකකරු යුද හමුදා සේවා බළකායට අනුයුක්තව 56 වැනි සේනාංකයේ සේවය කර 2005 වසරේ සේවයෙන් ඉවත් වූ බැස්ටියන් නිශාන්ත නමැත්තෙකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




