අශෝභන ලෙස හැසිරුණු නිසා අවුරුදු 14 ළමයාට පහරදී ඝාතනය කරලා – අධීක්ෂකවරිය අත්අඩංගුවට (වීඩියෝ)

කල්මුණේ ළමා පරිවාස නිවාසයේ භාරයේ සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි අධීක්ෂකවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්මුණේ පොලිසිය පවසන්නේ මෙම අධීක්ෂකවරිය ඊයේ (02) දිනයේ දී අත්අඩංගුවට ගත් බවයි.

මඩකලපුව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක ඝණ්ඨාරයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ 14 හැවිරිදි පිරිමි ළමයා පරිවාස භාරයට පත්කළ බවයි වාර්තා වුණේ.

මෙම දරුවා පරිවාස මධ්‍යස්ථානය තුළ දිගින් දිගටම අශෝභන ලෙස හැසිරීමෙන් කෝපයට පත් එහි අධීක්ෂකවරිය පිරිමි ළමයාට අමානුෂික ලෙස පහර දී කූඩුවක සි කර ඇති බවයි හෙළි වී ඇත්තේ.

පසුව එම ළමයා එම කූඩුව තුළ දීම පසුගිය 30 වනදා මියගොස් ඇති බව පොලිසියේ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පොලිස් ඒකකය කැඳවා පරීක්ෂණ පවත්වා ඇති අතර විනිසුරුවරයා එම ස්ථානයට ගොස් මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කරන ලෙස නියෝග කරනු ලැබුවා.

ඒ, අනුව මෘත ශරීරය කල්මුණේ අශ්‍රබ් අනුස්මරණ රෝහලට භාර දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී මෙම පිරිමි ළමයා තුවාල ලබා මියගොස් ඇත්තේ පහරදීම නිසා බව අනාවරණය වී තිබෙනවා.

මියගිය ළමයාගේ මෘත දේහය දෙමාපියන් වෙත මේ වනවිටත් භාර දී ඇති අතර, කල්මුණේ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
18
+1
0
+1
3
+1
24
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?