අශෝභන ලෙස හැසිරුණු නිසා අවුරුදු 14 ළමයාට පහරදී ඝාතනය කරලා – අධීක්ෂකවරිය අත්අඩංගුවට (වීඩියෝ)

කල්මුණේ ළමා පරිවාස නිවාසයේ භාරයේ සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි අධීක්ෂකවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්මුණේ පොලිසිය පවසන්නේ මෙම අධීක්ෂකවරිය ඊයේ (02) දිනයේ දී අත්අඩංගුවට ගත් බවයි.

මඩකලපුව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක ඝණ්ඨාරයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ 14 හැවිරිදි පිරිමි ළමයා පරිවාස භාරයට පත්කළ බවයි වාර්තා වුණේ.

මෙම දරුවා පරිවාස මධ්‍යස්ථානය තුළ දිගින් දිගටම අශෝභන ලෙස හැසිරීමෙන් කෝපයට පත් එහි අධීක්ෂකවරිය පිරිමි ළමයාට අමානුෂික ලෙස පහර දී කූඩුවක සි කර ඇති බවයි හෙළි වී ඇත්තේ.

පසුව එම ළමයා එම කූඩුව තුළ දීම පසුගිය 30 වනදා මියගොස් ඇති බව පොලිසියේ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පොලිස් ඒකකය කැඳවා පරීක්ෂණ පවත්වා ඇති අතර විනිසුරුවරයා එම ස්ථානයට ගොස් මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කරන ලෙස නියෝග කරනු ලැබුවා.

ඒ, අනුව මෘත ශරීරය කල්මුණේ අශ්‍රබ් අනුස්මරණ රෝහලට භාර දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී මෙම පිරිමි ළමයා තුවාල ලබා මියගොස් ඇත්තේ පහරදීම නිසා බව අනාවරණය වී තිබෙනවා.

මියගිය ළමයාගේ මෘත දේහය දෙමාපියන් වෙත මේ වනවිටත් භාර දී ඇති අතර, කල්මුණේ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18