AFC Banner
Empty Ad
Empty Ad

අවු. 60ට වැඩි නම් ඔයාටත් මෙන්න මේ විදියට ලෙබනන් ගිහින් ජිවත්වෙන්න පුළුවන්

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනන් රැකියා සදහා ඇතුළුවීමට නැවත අවසර ලබා දී ඇතැයි ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ලෙබනනයේ කොවිඩ් වෛරසය සීග්‍ර ලෙස ව්‍යාප්තවීමත් සමග වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනනයේ රැකියා සදහා ඇතුළුවීම තාවකාලිකව අත්හිටවා තිබුණි.

මේ වන විට ලෙබනනය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර තිබේ.

එම නිසා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට රැකියා සදහා නැවත අවසරය හිමිවේ.

ඒ අනුව ලෝක‍ සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ඕනෑම එන්නතක අදාළ මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එම අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?