අවුරුදු 55 ට වැඩි පුද්ගලයන්ට හමුදාපතිගෙන් විශේෂ දැනුම් දීමක්

වයස අවුරුදු 55ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළු වන ලෙස හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දෙනවා.

මේ අතර, රාජ්‍ය අංශය විසින් ගැබිණි මව්වරුන්ට ලබාදුන් සහනය ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවය කරන ගැබිණි මව්වරුන්ට ද ලබාදිය හැකි නම් එය අතිශයින්ම අගය කරන බවයි කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

කොරෝනා වාතාවරණය හමුවේ ඇති විය හැකි සංකූලතා හේතුකොටගෙන රජය විසින් ගැබිණි මව්වරුන් සේවයට වාර්තා කිරීමකින් තොරව නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ වන විට ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව සේවය කරන සේවක සේවිකාවන්ට කොරෝනා ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර, ඊයේ දිනයේදී ආසාදිතයින් 400ක් පමණ හඳුනා ගත් තුල්හිරිය කර්මාන්ත ජනපදයේ එක් කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබෙනවා.

මේ අතර කොරෝනා වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසිරී ඇති ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන ලෙසට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කරනවා.

ලේ හිඟයක් ඇති බවට ජාතික රුධිර මධ්‍යස්ථානය කළ නිවේදනයකට අනුවයි අදාළ පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන පළාත් වශයෙන් ස්ථාන ගත කර තිබෙනවා.

ගුවන් මගින් රටට ඇතුළුවීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා තිබුණ ද ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුකරන ගුවන් යානා සඳහා අවස්ථාව හිමි වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළේ.

එමෙන්ම ගුවන් යානා හදිසි ගොඩබැස්සවීම්, මගීන් රහිත ගුවන් යානා සහ පැය 12ක් ඇතුළත නැවත පිටත්වීමට යෝජිත ගුවන් ටිකට්පතක් සහිත ගුවන් මගීන් සඳහා ද අවසර හිමි වන බව ද එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙරටින් විදේශගත වන ගුවන් මගීන් සඳහා කිසිදු සීමාවක් පනවා නොමැති බව ද එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, පවතින සෞඛ්‍ය අවදානම කෙරෙහි සැලකිලිමත් වෙමින් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් පවුලේ සියළු දෙනා සමග නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය බෞද්ධ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම, සියළු රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ නිවාස බුද්ධාලම්භන ප්‍රීතිය ඇති වන අයුරින් වෙසක් සැරසිලිවලින් අලංකාර කරන ලෙස ද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.මේ අතර, නිරෝධායන නීති උල්ලංගණය කළ 493 දෙනෙකු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09