අවුරුදු 33කට පසුව නිදහස් කළ යාපනයේ කෝවිල් ඉඩම

යාපනය යුධ හමුදා කඳවුරු සීමාවන්ට අයත්ව තිබු යාපනය, කන්කසන්තුරය මාන්කොල්ලෙයි වෛරව කෝවිල් ඉඩම හා තවත් සිවිල් වැසියන්ගේ ඉඩම් කිහිපයක් සිවිල් වැසියන් වෙත මුදා හැරීම ඊයේ (10) සිදු කෙරුණා.

යාපනය,පලාලි යුධ හමුදා කඳවුරු සීමාව වෙත අදාළ ඉඩම් ලබා ගැනීම 1990 වසරේ සිදුකරගත් බවයි යාපනය ප්‍රදේශවාසීන් පවසන්නේ.

යාපනය J233 ග්‍රාම සේවා වසමට අයත් සිවිල් වැසියන්ගේ ඉඩම් කොටසක් හා කෝවිල් ඉඩමක් මෙලෙස මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා.

උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ වැසියන්ගේ පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් ද පිහිටුවා ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් පරිදි අදාළ කාර්යාලය පිහිටුවා ඇති අතර, යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් එහි කටයුතු සිදු කෙරෙනවා.

අදාළ කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් කුළ උතුරු නැගෙනහිර ඉඩම් ගැටළු විසඳීමට නියමිත අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසට උතුරු නැගෙනහිර වැසියන්ගේ පාරම්පරික ඉඩම් බෙදාදෙන ලෙසට ද සාගල රත්නායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක් තවමත් ආරක්ෂක අංශ කඳවුරු වෙත පවරාගෙන ඇති බවයි උතුරු නැගෙනහිර අවතැන්වූවන් පෙන්වා දෙන්නේ.

පාරම්පරික ඉඩම් ජනතාවට මුදා හැරීමේදී ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවට කිසිදු ගැටළුවක් නොවන අයුරින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් අදාළ කාර්යාලය ස්ථාපිත කර තිබෙනවා.

යාපනය පලාලි යුධ හමුදා කඳවුරු සීමාව තුළ සිවිල් වැසියන්ගේ පාරම්පරික ඉඩම් රැසක් පවතින බවයි උතුරු පළාත් අවතැන්වූවන්ගේ සංවිධාන සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?