අවුරුදු 33කට පසුව නිදහස් කළ යාපනයේ කෝවිල් ඉඩම

යාපනය යුධ හමුදා කඳවුරු සීමාවන්ට අයත්ව තිබු යාපනය, කන්කසන්තුරය මාන්කොල්ලෙයි වෛරව කෝවිල් ඉඩම හා තවත් සිවිල් වැසියන්ගේ ඉඩම් කිහිපයක් සිවිල් වැසියන් වෙත මුදා හැරීම ඊයේ (10) සිදු කෙරුණා.

යාපනය,පලාලි යුධ හමුදා කඳවුරු සීමාව වෙත අදාළ ඉඩම් ලබා ගැනීම 1990 වසරේ සිදුකරගත් බවයි යාපනය ප්‍රදේශවාසීන් පවසන්නේ.

යාපනය J233 ග්‍රාම සේවා වසමට අයත් සිවිල් වැසියන්ගේ ඉඩම් කොටසක් හා කෝවිල් ඉඩමක් මෙලෙස මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා.

උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ වැසියන්ගේ පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් ද පිහිටුවා ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් පරිදි අදාළ කාර්යාලය පිහිටුවා ඇති අතර, යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් එහි කටයුතු සිදු කෙරෙනවා.

අදාළ කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් කුළ උතුරු නැගෙනහිර ඉඩම් ගැටළු විසඳීමට නියමිත අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසට උතුරු නැගෙනහිර වැසියන්ගේ පාරම්පරික ඉඩම් බෙදාදෙන ලෙසට ද සාගල රත්නායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක් තවමත් ආරක්ෂක අංශ කඳවුරු වෙත පවරාගෙන ඇති බවයි උතුරු නැගෙනහිර අවතැන්වූවන් පෙන්වා දෙන්නේ.

පාරම්පරික ඉඩම් ජනතාවට මුදා හැරීමේදී ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවට කිසිදු ගැටළුවක් නොවන අයුරින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් අදාළ කාර්යාලය ස්ථාපිත කර තිබෙනවා.

යාපනය පලාලි යුධ හමුදා කඳවුරු සීමාව තුළ සිවිල් වැසියන්ගේ පාරම්පරික ඉඩම් රැසක් පවතින බවයි උතුරු පළාත් අවතැන්වූවන්ගේ සංවිධාන සඳහන් කළේ.

  1. MEKA OHEDHA BAN PAWURANIKA WENNE. MEKA ME METHAKADHI HADAPU EKA WAGEYI NE. MUN EHE HEMA IDAKAMA MOKAK HARI ATAWAGENA KUMAK HO AYITHIWASIKAMAK KIYANAWA. API THIYENA PANSALAK ALUTHWADIYA KARANNA GIYATH MUN ENNE SARAN KAREYI THIYAGENA. MUNTA EHE MEHE KOHE UNATH INNA GEWAL HADANNA, IDAM GANNA, BUSINESS KARANNA, KOVIN HADANNA NIDAHSA THIYENAWA. APITA EHE GIHIN OYA KISI MAGULAK KARANNA UN IDA DENNE NAHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39