අධික ලෙස ඖෂධ පානය කිරීමෙන් ඊයේ (05) දින වේවැල්හින්න රිල්පොල බදුල්ල පදිංචි වයස අවුරුදු 16ක පාසැල් සිසුවියක් රෝහල්ගත කෙරුණු අතර ඇය අද මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඇය බදුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කරන ලද පරීක්ෂණ වලට අනුව ඇය සමූහ දූෂණයකට ලක්ව ඇති බවට තහවුරුවී තිබෙනවා.
ඇය මේ පිළිබදව ඇයගේ මිතුරියකට පවසා ඇති අතර ඒ ඔස්සේ බදුල්ල පොලීසිය පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව මියගිය සිසුවියගේ පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවී ඇත්තේ තම පෙම්වතිය සමඟ පසුගිය 03 වන දින බදුල්ල රිදීපාන සරුංගල් කන්ද ප්‍රදේශයට ගොස් එහිදී ඇයව සමූහ දූෂණයකට ලක්කර ඇති බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයින් සොයා බදුල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරයි.















