අවුරුදු 14න් සිය වෘත්තීය හැකියාව හඳුනාගන්න හුරු කරනවා – අධ්‍යාපන ඇමති

පාසල් මට්ටමේ සිට ම ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් පළමු අදියරේ දී පාසල් 3000ක ව්‍යවසායකත්ව කව ඇති කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය අවසන් කරන සිසු සිසුවියන්ට මෙම ව්‍යවසායකත්වය පිළිබඳ හැදෑරීමේ වැඩි උපයෝගීතාවයක් පවතින බවත්; 6 ශ්‍රේණියේ සිට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීමත්, මෙම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය හරහා උදා කරන බව‍යි සඳහන් කළේ.

අ.පො.ස උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදු කරන පාසල් 3000ක පළමු වටයේ දී ව්‍යවසායකත්ව කව පිහිටුවා මේ විෂය සම්බන්ධ දැනුම හා පුහුණුව ලබාදීමට ඉදිරියේ දී ක්‍රියා කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් සඳහන් කළා.

මෙම නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 14 වැනි වියේ දී ම තමන්ගේ වෘත්තීය දිශානතිය ඉන් තෝරා ගැනීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් පාසල් වියේ සිට ම සිසු සිසුවියන්ට ලබා දිය යුතු බවත් නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ සිටියදී එනම් 14 වැනි විය පමණ වන විට දරුවන්ට සිය දෙමාපියන් ද සමග සාකච්ඡා කර ඉදිරි වෘත්තීය දිශානතිය තෝරා ගැනීමේ අවකාශ හිමි වන බවත් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

රට නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින පසුබිමක ඉදිරියේ දී රටට සතුටුදායක ආරංචි කිහිපයක් ම ජනතාවට අසන්නට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මේ වන විටත් ආනයනය තහනම් ව තිබූ බොහෝ භාණ්ඩ වර්ගවල තහනම ඉවත් කර ඇති බවත් නව ලොව විද්‍යා තාක්ෂණ දියුණුවත් සමග කිසි දු රටකට අද හුදකලා විය නොහැකි බවත් පැමිණ සිටි පිරිස අමතමින් අවධාරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25