අවුරුදු 14න් සිය වෘත්තීය හැකියාව හඳුනාගන්න හුරු කරනවා – අධ්‍යාපන ඇමති

පාසල් මට්ටමේ සිට ම ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් පළමු අදියරේ දී පාසල් 3000ක ව්‍යවසායකත්ව කව ඇති කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය අවසන් කරන සිසු සිසුවියන්ට මෙම ව්‍යවසායකත්වය පිළිබඳ හැදෑරීමේ වැඩි උපයෝගීතාවයක් පවතින බවත්; 6 ශ්‍රේණියේ සිට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීමත්, මෙම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය හරහා උදා කරන බව‍යි සඳහන් කළේ.

අ.පො.ස උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදු කරන පාසල් 3000ක පළමු වටයේ දී ව්‍යවසායකත්ව කව පිහිටුවා මේ විෂය සම්බන්ධ දැනුම හා පුහුණුව ලබාදීමට ඉදිරියේ දී ක්‍රියා කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් සඳහන් කළා.

මෙම නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 14 වැනි වියේ දී ම තමන්ගේ වෘත්තීය දිශානතිය ඉන් තෝරා ගැනීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් පාසල් වියේ සිට ම සිසු සිසුවියන්ට ලබා දිය යුතු බවත් නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ සිටියදී එනම් 14 වැනි විය පමණ වන විට දරුවන්ට සිය දෙමාපියන් ද සමග සාකච්ඡා කර ඉදිරි වෘත්තීය දිශානතිය තෝරා ගැනීමේ අවකාශ හිමි වන බවත් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

රට නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින පසුබිමක ඉදිරියේ දී රටට සතුටුදායක ආරංචි කිහිපයක් ම ජනතාවට අසන්නට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මේ වන විටත් ආනයනය තහනම් ව තිබූ බොහෝ භාණ්ඩ වර්ගවල තහනම ඉවත් කර ඇති බවත් නව ලොව විද්‍යා තාක්ෂණ දියුණුවත් සමග කිසි දු රටකට අද හුදකලා විය නොහැකි බවත් පැමිණ සිටි පිරිස අමතමින් අවධාරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?