AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 10කට පෙර මියගිය ව්‍යාපාරිකයාගේ මිනී වල හාරා සෙවූ දේ ගැන හෙළි වෙයි

වසර 10කට පෙර මිය ගිය ව්‍යාපාරිකයා මිහිදන් කල ස්ථානයේ කැනීම් කොට රත්තරන් සෙවූ දෙදෙනෙකු ඊයේ (07) දින යාපනය, වැල්වැටිතුරෙයි, උරිකාඩු හි සුසාන භූමියේදී අත්අඩංගුවට ගත් බවට වැල්වටිතුරෙයි පොලීසිය පවසනවා.

උරියකාඩු සුසාන භූමියෙහි වසර දහයකට පෙර වළදැමූ මිනී වළවලක් තුළ කැණීම් කොට රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහ කරන පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලීසිය වෙතට යුදහමුදා නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිනිවළ හාරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

dgprgiug

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ධීවර රැකියාව කරන අතර වසර ගණනක සිට උරිකාඩු හි සුසාන භූමියේ කුලීපදනම මත මිය ගිය අය වෙනුවෙන් මිනී වළවල් හැරීමද සිදු කරන බවයි

මීට වසර දහයකට පෙර මියගිය ව්‍යාපාරිකයෙකු සතු රත්තරන් සමගින් මිහිදන් කොට ඇති බවට ප්‍රදේශයේ පැතිරගිය කටකතාවක් හේතුවෙන් සැකකරුවන් දෙදෙනා එම මිනීවළ හාරා රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහදරා ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

m1o6kt6b

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් හා 50 ක් වන පුද්ගලයින් වන අතර පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටද පරික්ෂණ සිදුකරන වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?