අවුරුදු 10කට පෙර මියගිය ව්‍යාපාරිකයාගේ මිනී වල හාරා සෙවූ දේ ගැන හෙළි වෙයි

වසර 10කට පෙර මිය ගිය ව්‍යාපාරිකයා මිහිදන් කල ස්ථානයේ කැනීම් කොට රත්තරන් සෙවූ දෙදෙනෙකු ඊයේ (07) දින යාපනය, වැල්වැටිතුරෙයි, උරිකාඩු හි සුසාන භූමියේදී අත්අඩංගුවට ගත් බවට වැල්වටිතුරෙයි පොලීසිය පවසනවා.

උරියකාඩු සුසාන භූමියෙහි වසර දහයකට පෙර වළදැමූ මිනී වළවලක් තුළ කැණීම් කොට රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහ කරන පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලීසිය වෙතට යුදහමුදා නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිනිවළ හාරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

dgprgiug

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ධීවර රැකියාව කරන අතර වසර ගණනක සිට උරිකාඩු හි සුසාන භූමියේ කුලීපදනම මත මිය ගිය අය වෙනුවෙන් මිනී වළවල් හැරීමද සිදු කරන බවයි

මීට වසර දහයකට පෙර මියගිය ව්‍යාපාරිකයෙකු සතු රත්තරන් සමගින් මිහිදන් කොට ඇති බවට ප්‍රදේශයේ පැතිරගිය කටකතාවක් හේතුවෙන් සැකකරුවන් දෙදෙනා එම මිනීවළ හාරා රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහදරා ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

m1o6kt6b

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් හා 50 ක් වන පුද්ගලයින් වන අතර පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටද පරික්ෂණ සිදුකරන වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08