අවුරුදු නැකත් සීට්ටුව ගැන කිසිවක් නොදන්නා බව විෂය භාර ඇමති කියයි (වීඩියෝ)

රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කළ අවුරුදු නැකැත් සීට්ටුව පිළිබඳ මේ වනතෙක් තමා කිසිවක් නොදන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.

අලුත් අවුරුදු උත්සව වලදී අනුගමනය කළ යුතු නීති රීති සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (05) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

නැකැත්වලට අනුව නොව, ආත්ම විශ්වාසය අනුව කටයුතු කරන ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම අමාත්‍ය විදුර වික්‍රමනායක සදහන් කළේ සිය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ද තමා දැඩි පීඩනයකින් පසුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?