AFC Banner
AFC Banner
Empty Ad

අවුරුදු තුනේ පුතා ඝාතනය කළ පියා දිවි නසාගන්න උත්සාහ කරලා

බීමතින් සිටි පුද්ගලයෙකු සිය කුඩා දරුවා ඝාතනය කර ඔහු ද සියදිවි නසා උත්සාහ කළ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චන්ද්‍රපූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (09) දිනයේ මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති අතර, පියා විසින් මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු තුනහමාරක් වයසැති තම පුත්‍රයා බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

33 හැවිරිදි මෙම පුද්ගලයා තම බිරිඳ සමඟ ඇති වූ සුළු ආරවුලකට බීමතින් පැමිණ තම පුතාගේ ගෙළ මිරිකා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහු ද පිහියකින් තම ගෙළ ප්‍රදේශයට ඇනගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

ඝාතනය සිදුවන විට ඔහුගේ බිරිඳ නිවස හැර ගොස් ඥාති නිවසක රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ගෙළ ප්‍රදේශයට පිහියෙන් ඇන ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ සැකකාර පියා රෝහලකට ඇතුළත් කර ඇති අතර, මිනීමැරුම් සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?