AFC Banner
Empty Ad
Empty Ad

අවුරුද්දට පෙර සෞඛ්‍ය අංශ වලින් සිහි කැඳවීමක්

එළඹෙන උත්සව සමයේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් යළි රට තුළ කොරෝනා රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට සියලුදෙනා කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඔහු පවසන්නේ බූස්ටර් මාත්‍රාව ලබා නොගත් සියලු පුද්ගයින් ඉදිරි දින කිහිපය තුළ එම එන්නත් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මේ බව කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා,

“විශේෂයෙන්ම අපි මතක තියා ගත යුතු දෙයක් තමා අපි ගිය අවුරුද්දේ මේ කාලය වනවිට රෝගීන්ගේ ඉතාමත්ම හොඳ තත්ත්වයකට රෝගය පාලනය වුණා. නමුත් සිංහල අවුරුද්දෙන් පස්සේ, බරපතළ ලෙස රෝගීන්ගේ වැඩිවීමක් වුණා. මෙම අවුුරද්දේ දීත් ඒ ආකාරයටම එය සිදුවීමට ඉඩ තියෙනවා. මොකද ඒ ආකාරයටම සාප්පු සවාරි යෑම, ‍උත්සවවලට සහභාගීවීම ආදිය ජනතාවගෙන් බලාපොරොත්තු වන නිසා. නමුත් අපි ගිය අවුරුද්දේ කරා වගේම මේ වතාවේ ඒ වැරැද්ද කරන්නේ නැතුව හැකි පමණින් අපිට ආරක්ෂා වීමට අවශ්‍ය කටයුතු කළොත් සිංහල අවුරුද්දෙන් පස්සේ, නැවත අනතුරුදායක තත්ත්වයක් ඇතිවෙන එක වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම නව ප්‍රභේදයත් සැලකිල්ලට ගත්තහම මාර්තු අවාසනවීමට පෙර තමන්ට නියමිත තුන්වන මාත්‍රාව ලබාගැනීමට කටයුතු කිරීම තුළ ඉදිරියේ දී ඇතිවීමට හැකි බරපතළ තත්ත්වයක් තිබුණත් අපිට අපේ ආරක්ෂාව සපයා ගැනීමට හැකිවෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?