අවස්ථාව මඟහැර ගත් ධනංජය අවසන් දින දෙකේ වාසිය කැරකෙන හැටි හෙළිකරයි

හෙන්රි නොකොල්ස්ගේ උඩ පන්දුව තමා අතින් ගිලිහීම නවසීලන්ත පළමු ඉනිම ලකුණු 580ක් දක්වා ඉහළ තැනකට පත්වීමට හේතුවක් වූ බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වීමෙන් පසු අද (18) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළා.

ධනංජය ද සිල්වා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ හෙන්රි නොකොල්ස් ලකුණු 96ක් ලබා සිටිය දී ලබාදුන් උඩපන්දුව තමා විසින් රැකගත්තා නම් නවසීලන්ත පළමු ඉනිමට එකතු වූ තවත් ලකුණු 100ක පමණ සංඛ්‍යාවක් නවතා ගැනීමට හැකියාව තිබූ බවයි.

මේ අතර වේග පන්දු යවන්නට නිවැරදි ඉලක්කයක සහ නිවැරදි තැනක පන්දු යැවීමට නොහැකිවීමත් සමඟ තරගය තරමක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගිලිහුණු බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් තම කණ්ඩායමේ එකම අභිප්‍රාය තරගය ජයග්‍රහණය කිරීම බැවින් තරගය තම කණ්ඩායම දෙසට හරවා ගැනීමට කණ්ඩායම කෙසේ හෝ කටයුතු කරනු ඇති බවට තමාට විශ්වාසයක් පවතින බවත් ධනංජය මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

මේ අතර තරගයේ සිව්වන සහ පස්වන දිනට වනවිට තණතීරුව දඟ පන්දු යවන්නන්ට වැඩි වාසියක් ගෙන දෙනු ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 04කට ලකුණු 580ක් ලබාගෙන සිටිය දී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

මේ වනවිට පිළිතුරු ඉනිම අරඹා ඇති ශ්‍රී ලංකා පිළ දෙවන දිනට අද තරගය නතර කරනවිට කඩුලු 02ක් දැවී ලකුණු 26ක් රැස්කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?