අවස්ථාව මඟහැර ගත් ධනංජය අවසන් දින දෙකේ වාසිය කැරකෙන හැටි හෙළිකරයි

හෙන්රි නොකොල්ස්ගේ උඩ පන්දුව තමා අතින් ගිලිහීම නවසීලන්ත පළමු ඉනිම ලකුණු 580ක් දක්වා ඉහළ තැනකට පත්වීමට හේතුවක් වූ බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වීමෙන් පසු අද (18) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළා.

ධනංජය ද සිල්වා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ හෙන්රි නොකොල්ස් ලකුණු 96ක් ලබා සිටිය දී ලබාදුන් උඩපන්දුව තමා විසින් රැකගත්තා නම් නවසීලන්ත පළමු ඉනිමට එකතු වූ තවත් ලකුණු 100ක පමණ සංඛ්‍යාවක් නවතා ගැනීමට හැකියාව තිබූ බවයි.

මේ අතර වේග පන්දු යවන්නට නිවැරදි ඉලක්කයක සහ නිවැරදි තැනක පන්දු යැවීමට නොහැකිවීමත් සමඟ තරගය තරමක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගිලිහුණු බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් තම කණ්ඩායමේ එකම අභිප්‍රාය තරගය ජයග්‍රහණය කිරීම බැවින් තරගය තම කණ්ඩායම දෙසට හරවා ගැනීමට කණ්ඩායම කෙසේ හෝ කටයුතු කරනු ඇති බවට තමාට විශ්වාසයක් පවතින බවත් ධනංජය මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

මේ අතර තරගයේ සිව්වන සහ පස්වන දිනට වනවිට තණතීරුව දඟ පන්දු යවන්නන්ට වැඩි වාසියක් ගෙන දෙනු ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 04කට ලකුණු 580ක් ලබාගෙන සිටිය දී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

මේ වනවිට පිළිතුරු ඉනිම අරඹා ඇති ශ්‍රී ලංකා පිළ දෙවන දිනට අද තරගය නතර කරනවිට කඩුලු 02ක් දැවී ලකුණු 26ක් රැස්කරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09