පෞද්ගලික ආනයනයකරුවන්ට සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
ඒ, අනුව එම කාල සීමාව තුළ මෙරටට ආනයන කර ඇති සමස්ථ සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් 167,000 ක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.
මෙම තොගය අතර කැකුලු සහල් මෙට්‍රික් ටොන් 6600ක් සහ තැම්බූ සහල් මෙට්‍රික් ටොන් 101,000ක් වනවා.
රට තුළ ඇතිව තිබූ සහ හිඟය සහ මිල ඉහළ යෑමට පිළියමක් ලෙස සහල් ආයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය සඳහා අවසර ලබා දෙනු ලැබුවා.
ඒ, සඳහා 2024 දෙසැම්බර් මස 02 වනදා රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමි වූ අතර, ඒ අනුව ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව පසුගිය දෙසැම්බර් 20 වනදා දක්වා සහල් ආනයනය සඳහා අවසර ලබා දුන්නා.
කෙසේ වෙතත් එම අවසරය ඊයේ (10) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කිරීමටයි පසුව රජය තීරණය කරනු ලැබුවේ.