AFC Banner
Empty Ad
Empty Ad

අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය අරඹයි – ජනපතිත් පෙරහැර නැරඹීමට එක්වෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර මීට සුළු මොහොතකට පෙර වීථි සංචාරය කිරීම ඇරඹුණ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් ව සිටින බවයි.

මේ වනවිට මහනුවර දළදා මාළිගාව පරිශ්‍රයට වර්ෂාව ඇදහැලෙමින් තිබුණ ද, එය පෙරහැර පැවැත්වීමට අවහිරයක් වී නැති බව ද වාර්තා වනවා.

පෙරහැර ආරම්භ වීමට පෙර වැසි තත්ත්වයේ වැඩිවීමක් තිබුණ ද, පෙරහැර ඇරඹීමත් සමග වර්ෂාව ඇදහැලීම අඩු වූ බවයි වාර්තා වන්නේ.

දහස් සංඛ්‍යාත ජනකායක් මෙම වසරේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට එක්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?