අවසන් මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඔවුන් තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.

අද තරගයේදී දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට නම්කර තිබෙනවා. ඒ ආබාධයකට ලක්ව සිටින මහීෂ් තීක්ෂණ වෙනුවෙන්.

කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, සධීර සමරවික්‍රම, ප්‍රමෝද් මදුෂාන්, මතීෂ පතිරණ, ධනංජය ද සිල්වා සහ දුෂාන් හේමන්ත අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා.

රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ලෝකේෂ් රාහුල්, ඉෂන් ක්‍රිෂන්, හර්දික් පාන්ඩ්යා, රවින්ද්‍ර ජඩේජා, වොෂින්ටන් සුන්දර්, ජස්ප්‍රිට් බුම්රා, කුල්දිප් යාදෙව් සහ මොහොමඩ් සිරාජ් අද ඉන්දීය කණ්ඩායමට එක්ව සිටිනවා. අක්ෂාන් පටෙල් වෙනුවටයි අද කණ්ඩායමට වොෂින්ටන් සුන්දර් කැඳවා ඇත්තේ.

ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකිනෙකා මුණ ගැසෙන්නේ 09 වන වරටයි.

ඔක්තෝම්බර් මස 05 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ප්‍රතිවාදී ඉන්දියාව ද සහභාගී වන අවසන් එක්දින තරගය වන්නේ ද අද පැවැත්වෙන මෙම අවසන් මහා තරගයයි.

ආසියානු කුසලාන ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකාව අද තරගයට සහභාගී ලබන්නේ වර්තමාන ආසියානු ශූරයින් ලෙසින්.

2022 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති අවසන් ආසියානු කුසලානයේ ශූරතාව දිනා ගත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ආසියානු කුසලාන ඉතිහාසය ගත් විට ප්‍රතිවාදී ඉන්දියාව අවස්ථා 7කදී කුසලාන දිනා ගනිමින් ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා 6කදී ශූරතා දිනා සිටිනවා.

යම් හෙයකින් අද තරගයේදී ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගැනීමට සමත් වුවහොත් ඉන්දියාව සමඟ ශූරතා කුසලාන සමව දිනා ගත් කණ්ඩායම බවට පත්වීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට උදාවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට දිනා ගනු ලැබුවේ පන්දුවාර විස්සයි-20 ආකෘතිය යටතේ පැවැති ආසියානු කුසලාන තරගාවලියක්. එය මෙහෙයවීමට වාසනාව ලද දසුන් ශානක අද තරගයේදී ද ආසියානු ශූරතාව දිනා දීමට සමත් වුවහොත් ආකෘති දෙකේදීම ආසියානු කුසලාන දිනා දුන් ලොව එකම නායකයා වශයෙන් ද ඉතිහාස ගත වනු ඇති.

සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ශ්‍රී ලංකාව මුණ ගැසුණු අවස්ථාවේදී ඉන්දීය කණ්ඩායම ජය වාර්තා කළ ද ඒ් වැඩි පීඩන තත්ත්වයක් යටතේයි. ඊට හෝරා කීපයකට පෙර පාකිස්තාන පිලට ඒරෙහිව පැවැති තරගයේදී ලකුණු 350ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලබා ගත්තේ ලකුණු 213ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේදී මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රධානම ගැටලුව වන්නේ මහීෂ් තීක්ෂණගේ සහභාගීත්වය කණ්ඩායමට අහිමිවීමයි.

ශ්‍රී ලංකාව පරාජය කරමින් කළින්ම අවසන් මහ තරගයට ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා ගත්ත ද සුපිරි කණ්ඩායම් 4 වටය යටතේ අවසන් තරගය බවට පත් වුණු බංග්ලාදේශය සමග පෙරේදා පැවැති තරගයෙන් ඔවුන් පරාජයට පත්වීම මානසික වශයෙන් ශ්‍රී ලංකාවට තරමක් අස්වැසිල්ලක් ගෙන දෙන්නක්. එය ශ්‍රී ලංකාව දෙසින් සුබ ආරංචියක් ලෙසින් සඳහන් කළ හැකියි.

තීරණාත්මක මෙම තරගය පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?