අවසන් මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඔවුන් තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.

අද තරගයේදී දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට නම්කර තිබෙනවා. ඒ ආබාධයකට ලක්ව සිටින මහීෂ් තීක්ෂණ වෙනුවෙන්.

කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, සධීර සමරවික්‍රම, ප්‍රමෝද් මදුෂාන්, මතීෂ පතිරණ, ධනංජය ද සිල්වා සහ දුෂාන් හේමන්ත අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා.

රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ලෝකේෂ් රාහුල්, ඉෂන් ක්‍රිෂන්, හර්දික් පාන්ඩ්යා, රවින්ද්‍ර ජඩේජා, වොෂින්ටන් සුන්දර්, ජස්ප්‍රිට් බුම්රා, කුල්දිප් යාදෙව් සහ මොහොමඩ් සිරාජ් අද ඉන්දීය කණ්ඩායමට එක්ව සිටිනවා. අක්ෂාන් පටෙල් වෙනුවටයි අද කණ්ඩායමට වොෂින්ටන් සුන්දර් කැඳවා ඇත්තේ.

ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකිනෙකා මුණ ගැසෙන්නේ 09 වන වරටයි.

ඔක්තෝම්බර් මස 05 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ප්‍රතිවාදී ඉන්දියාව ද සහභාගී වන අවසන් එක්දින තරගය වන්නේ ද අද පැවැත්වෙන මෙම අවසන් මහා තරගයයි.

ආසියානු කුසලාන ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකාව අද තරගයට සහභාගී ලබන්නේ වර්තමාන ආසියානු ශූරයින් ලෙසින්.

2022 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති අවසන් ආසියානු කුසලානයේ ශූරතාව දිනා ගත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ආසියානු කුසලාන ඉතිහාසය ගත් විට ප්‍රතිවාදී ඉන්දියාව අවස්ථා 7කදී කුසලාන දිනා ගනිමින් ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා 6කදී ශූරතා දිනා සිටිනවා.

යම් හෙයකින් අද තරගයේදී ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගැනීමට සමත් වුවහොත් ඉන්දියාව සමඟ ශූරතා කුසලාන සමව දිනා ගත් කණ්ඩායම බවට පත්වීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට උදාවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට දිනා ගනු ලැබුවේ පන්දුවාර විස්සයි-20 ආකෘතිය යටතේ පැවැති ආසියානු කුසලාන තරගාවලියක්. එය මෙහෙයවීමට වාසනාව ලද දසුන් ශානක අද තරගයේදී ද ආසියානු ශූරතාව දිනා දීමට සමත් වුවහොත් ආකෘති දෙකේදීම ආසියානු කුසලාන දිනා දුන් ලොව එකම නායකයා වශයෙන් ද ඉතිහාස ගත වනු ඇති.

සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ශ්‍රී ලංකාව මුණ ගැසුණු අවස්ථාවේදී ඉන්දීය කණ්ඩායම ජය වාර්තා කළ ද ඒ් වැඩි පීඩන තත්ත්වයක් යටතේයි. ඊට හෝරා කීපයකට පෙර පාකිස්තාන පිලට ඒරෙහිව පැවැති තරගයේදී ලකුණු 350ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලබා ගත්තේ ලකුණු 213ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේදී මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රධානම ගැටලුව වන්නේ මහීෂ් තීක්ෂණගේ සහභාගීත්වය කණ්ඩායමට අහිමිවීමයි.

ශ්‍රී ලංකාව පරාජය කරමින් කළින්ම අවසන් මහ තරගයට ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා ගත්ත ද සුපිරි කණ්ඩායම් 4 වටය යටතේ අවසන් තරගය බවට පත් වුණු බංග්ලාදේශය සමග පෙරේදා පැවැති තරගයෙන් ඔවුන් පරාජයට පත්වීම මානසික වශයෙන් ශ්‍රී ලංකාවට තරමක් අස්වැසිල්ලක් ගෙන දෙන්නක්. එය ශ්‍රී ලංකාව දෙසින් සුබ ආරංචියක් ලෙසින් සඳහන් කළ හැකියි.

තීරණාත්මක මෙම තරගය පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14