අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදියා තීරණය වෙයි

ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට එක් වීමට ඔස්ට්‍රෙලියා කණ්ඩායම ඊයේ (12) සමත් වුණා.

ඒ ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමින්.

පළමු ව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 03ක් දැවී පන්දුවාර 20 අවසන් කළේ ලකුණු 209ක් ලබා ගනිමින්.

එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ නොදැවුණු ලකුණු 69ක් ලබාගත් ටිම් ඇම්බ්‍රෝස්.

ඉයන් මෝර්ගන් ලකුණු 64 යි.

පිළිතුරු ඉනිම ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රෙලියා කණ්ඩායම කඩුලු 07ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

නෙතන් රීඩන් ලකුණු 83ක් සහ ඩැනියල් ක්‍රිස්ටියන් ලකුණු 61ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ටිම් බ්‍රෙස්නන් එංගලන්තය වෙනුවෙන් කඩුලු 05ක් බිඳ දැමුවා.

තරගයේ වීරයා ඔස්ට්‍රෙලියාවේ නෙතන් රීඩන්.

ඒ අනුව එම ජයග්‍රහණයත් සමග අද (13) දිනයේ දී ඔස්ට්‍රෙලියාව ඉන්දීය මාස්ටර්ස්වරුන්ට එරෙහිව අවසන් පූර්ව පළමු වටයට එක් වනු ඇති.

මාර්තු 14 වැනි දා පස්වරුවේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු අනුව ශ්‍රී ලංකා මාස්ටර්ස්වරුන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව අවසන් පූර්ව තරගයට පිවිසෙනවා.

අවසන් පූර්ව තරග ද්විත්වයම පැවැත්වෙන්නේ ඉන්දියාවේ රායිපූර් හි දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
3
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?