AFC Banner
AFC Banner
Empty Ad

අවසන් පූර්ව වටයේ කාසියේ වාසිය සත්කාරකයින්ට – තරගය නැරඹීමට ඩේවිඩ් බෙකම් පැමිණෙයි

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ අද ආරම්භ වන අවසන් පූර්ව වටයේ පළමු තරගයේ දී කාසියේ වාසිය හිමි කරගන්නට සත්කාරක ඉන්දියාව සමත් වුණා.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් නායක ෂර්මා තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

අද තරගය පස්වරු 02ට මුම්බායි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය අද කණ්ඩායම් දෙකට ම අතිශය තීරණාත්මක වනවා.

ඊට හේතුව වන්නේ අද තරගය ජය ගන්නා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන පළමු සුදුස්සා බවට පත්වීමයි.

අද තරගය ජය ගන්නා කණ්ඩායම හෙට දිනයේ දී ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව වටයේ ජයග්‍රාහක කණ්ඩායම සමග 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට එක් වනු ඇති.

මේ වනවිට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් ලෝක කුසලාන 02ක් ජයග්‍රහණය කර ඇති අතර, නවසීලන්තය කිසිදු එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැහැ.

මේ අතර අද තරගය නැරඹීමට එංගලන්තයෙන් බිහි වුණු සුපිරි පාපන්දු ලෝක ශූරයෙකු වන ඩේවිඩ් බෙකම් ද පැමිණ සිටිනවා.

වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්දුල්කාර් සමග එක් වූ බෙකම් ඉන්දීය කණ්ඩායම සමග සුහද සංවාදයක නිරත වුණු අයුරු ද දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?