අවසන් පැය කිහිපයේ ‘ මරණ දඬුවමින්’ ගැලවුණු මිනිසා

මරණ දණ්ඩනය නියම වී සිටි ඇමරිකාවේ ජුලියස් ජෝන්ස් නැමැත්තාට මරණ දණ්ඩනය ලැබීමට නියමිත අවසන් පැය කිහිපයේදී එක්සත් ජනපද ආණ්ඩුකාරවරයා විසින්  එම තීරණය වෙනස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ජෝන්ස්ගේ සිර දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට මාරු වී තිබෙන බවයි පැවසෙන්නේ

ඔක්ලහෝමා සහ එක්සත් ජනපද නීති සම්පාදකයින් මෙන්ම සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ජෝන්ස් ඝාතනය කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටිනු ලැබුවා

ජෝන්ස්  මිනීමැරුමකට වරදකරු වූ අතර වසර 22 කට පෙර මෝටර් රථ කොල්ලකෑමකදී ව්‍යාපාරික පෝල් හොවෙල් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වුණා

නමුත් ඔහු නිර්දෝෂී බව සඳහන් කර තිබෙනවා

කිම් කාර්ඩේෂියන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් ජෝන්ස්ගේ නිදහස වීම වෙනුවෙන් සහයෝගය දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔක්ලහෝමා හි මරණ දණ්ඩනය නියම වූ රැඳවියන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් ද තර්ක කර ඇත්තේ රජය විසින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී භාවිතා කරන මත්ද්‍රව්‍ය සිරකරුවන්ගේ ව්‍යවස්ථාපිත අයිතීන් උල්ලංඝනය කරන කුරිරු සහ අසාමාන්‍ය දඬුවමක් වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?