අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් මල්වතු විහාරයට යතුරක් (ඡායාරූප සහ වීඩියෝ)

අවලෝකිතේෂ්වර බෝධිසත්ව නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයා මල්වතු මහා විහාරයට යතුරක් සමග යම් දෙයක් පරිත්‍යාග කර ඇති පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද අනාවරණ කළා.

මල්වතු මහා විහාරයට මහින්ද කොඩිතුවක්කු සහ අනුගාමිකයන් ගොස් ඇති බවයි උන්වහන්සේ එහි ඡායාරූප පෙන්වමින් ප්‍රකාශ කළේ.

ථෙරවාදී බුදු දහම විනාශ කරන මෙවන් විකෘති ලිංගික ආශා ඇති මානසික ආබාධ සහිත පුද්ගලයන් සඳහා ථෙරවාදී බුදු සසුන සුරකින මහා නාහිමිවරු ආශීර්වාද කරන්නේ නම් තරුණ හිමිවරුන් වූ තමන් කුමක් කරන්න ද යන්න බලංගොඩ කස්සප හිමියන් විමසා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කිය සිටියේ පිටිදූවේ සිරිධම්ම හා උඩුවේ ධම්මාලෝක හිමිවරුන් මහායානය බිහිවීමට හේතු වූ නොපැසුණු රා ප්‍රසිද්ධියේ අනුභව කරමින් කරන ක්‍රියාවට මෙන්ම පසුගිය දිනවල භික්ෂූන් වහන්සේලා සිදුකළ විනය විරෝධී ක්‍රියාවලට කිසිදු විනය ක්‍රියාමාර්ගයන් උන්වහන්සේලා අනුගමනය නොකළ බවයි.

හඳපානාගල නිවාතාප හිමි වැනි අයගේ පැවිදි පිංකම් සඳහා අනුනායක හිමිවරු සම්බන්ධ වී සසුන විනාශ කිරීමට කටයුතු කරන බවට ද බලංගොඩ කස්සප හිමියන් චෝදනා කළා.

එමෙන්ම මහනායක හිමිවරු බුදු සසුන සුරැකීම වෙනුවට වැනසීම සිදුකරන්නේ නම් කුලය බලා පැවිදි කරන්නේ නම් නිකාය කුල භේදයෙන් තොරව භික්ෂූන් වහන්සේලාට එකතු වන ලෙසටයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

අවලෝකිතේෂ්වර බෝධිසත්ව ලෙසට පෙනී සිටින පුද්ගලයාගේ නියෝජිතයන් යතුරක් ද රැගෙන ගොස් ලබාදුන් දේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළ යුතු බව බලංගොඩ කස්සප හිමියන් සඳහන් කරනවා.

මල්වතු මහා විහාරයට යාමට සාමාන්‍ය පුද්ගලයෙකුට අවස්ථාවක් ද හිමි නොවන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
44
+1
100
+1
13
+1
36
+1
16
+1
34
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34