අලුබෝමුල්ලේ පිහි ඇනුමක් – අයෙක්ට බරපතළයි

වෙළෙඳසැලකට අලෙවි කිරීමට ගෙන ආ කතුරුමුරුංගා මිටි මිල දී ගැනීම එම වෙළෙඳසැල් හිමිකාරිනිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් උරණ වූ එය රැගෙන ආ වයෝවෘද්ධ තැනැත්තෙක්, වෙළෙඳසැල් හිමිකාරිනියට පහරදීමට නොහැකි වීමෙන්, එම වෙළෙඳසැලට පැමිණ සිටි වෙනත් පාරිභෝගිකයෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම පහරකෑමෙන් 73 හැවිරිදි පාරිභෝගිකයා බරපතළ තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අලුබෝමුල්ල පොලිසිය සඳහන් කළේ පහර දුන් තැනැත්තා 74 හැවිරිදි අයෙක් වන අතර, සිද්ධියෙන් පසුව පලා ගොස් සිටි සැකකාර පුද්ගලයා ව කුරුස හන්දියේ දී පොලිස් භාරයට ගත් බවයි.

ඒ සමග ම තුවාලකරුට පහර දුන්නා යැයි පැවසෙන පිහිය ද සොයාගෙන තිබෙනවා.

සැකකරු කුලී රැකියා කරන්නෙකු වන අතර කුලී වැඩ නොමැති අවස්ථාවල දී විවිධ දෑ විකුණා මුදල් සෙවීම සිදු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඊයේ (24) දින සැකකරු කතුරුමුරුංගා මිටි පහක් රැගෙන පානදුර – අලුබෝමුල්ල, කුරුස හන්දියයේ රුද්‍රිගු මාවත ප්‍රදේශයේ ඇති සිල්ලර වෙළඳසැලකට පැමිණ වෙළඳසැල් හිමිකාරියගෙන් කතුරුමුරුන්ගා මිල දී දන්නවා දැයි විමසා තිබෙනවා.

එම අවස්ථාවේ දී වෙළෙඳසැල් හිමිකාරිය ”අපෝ එපා.. එපා…! ඔය මේ පාරේ අයින්වල තියෙන ගස්වලින් කඩාගෙන ඇවිල්ලා අපිට උත්තර දෙන්න වෙයි ඕව අරගෙන යැයි පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් ආවේගශීලි වූ සැකකරු ”ඇයි මගෙන් ගන්නේ නැත්තේ?..” යැයි පවසමින් ඉනේ තිබුණ පිහියත් රැගෙන වෙළඳසැල තුළට කඩා වැදී හිමිකාරිය අසලට යාමත් සමග ම ඇය ඇතුළට දිව ගොස් දිවි බේරාගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී බිත්තර මිල දී ගැනීම සඳහා වෙළෙඳසැලට ආ පමුණුගම ප්‍රදේශයේ පුද්ගලයකුට සැකකරු විසින් උදර ප්‍රදේශයට පිහියෙන් ඇන පලා ගොස් ඇති බවයි සිදු කළ මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළි ව ඇත්තේ.

74 හැවිරිදි සැකකරු කුරුස හන්දිය – ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
2
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58