අලුත උපන් බිළිඳා ඇලකට විසි කළ අඹු සැමි යුවළ අත්අඩංගුවට (වීඩියෝ)

කැලණිමුල්ල වීදියබණ්ඩාර මාවත ප්‍රදේශයේදී අලුත උපන් බිළිඳෙකු ඇලකට දැමූ අඹු සැමි යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය දරු ප්‍රසූතියෙන් පසු බිළිඳා නිවස අසල ඇති ඇළක් අසලට විසි කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රී මෙම දරුවා ප්‍රසූත කළ කාන්තාව නිවස අසල තිබූ ඇල අසල දමා ගොස් ඇති අතර කබරයෙකු එම බිළිඳු සිරුර ආහාරයට ගනිමින් සිටියදීයි ප්‍රදේශවාසී කාන්තාවක් දැක පොලිසිය දැනුවත් කර ඇත්තේ.

වනාතමුල්ල සහස්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකාරිය විවාහ වී සිටින පුද්ගලයාගේ කැලණිමුල්ලේ පිහිටි නිවසේදී දරු ප්‍රසූතිය සිදුව තිබෙනවා.

සැකකාර යුවළ මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින දෙදෙනෙකු බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

සැකකාර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන රෝහල් ගතකර ඇති අතර ඇයගේ සැමියා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
1
+1
3
+1
33
+1
10
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?