අලුත උපන් බිළිඳා ඇලකට විසි කළ අඹු සැමි යුවළ අත්අඩංගුවට (වීඩියෝ)

කැලණිමුල්ල වීදියබණ්ඩාර මාවත ප්‍රදේශයේදී අලුත උපන් බිළිඳෙකු ඇලකට දැමූ අඹු සැමි යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය දරු ප්‍රසූතියෙන් පසු බිළිඳා නිවස අසල ඇති ඇළක් අසලට විසි කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රී මෙම දරුවා ප්‍රසූත කළ කාන්තාව නිවස අසල තිබූ ඇල අසල දමා ගොස් ඇති අතර කබරයෙකු එම බිළිඳු සිරුර ආහාරයට ගනිමින් සිටියදීයි ප්‍රදේශවාසී කාන්තාවක් දැක පොලිසිය දැනුවත් කර ඇත්තේ.

වනාතමුල්ල සහස්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකාරිය විවාහ වී සිටින පුද්ගලයාගේ කැලණිමුල්ලේ පිහිටි නිවසේදී දරු ප්‍රසූතිය සිදුව තිබෙනවා.

සැකකාර යුවළ මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින දෙදෙනෙකු බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

සැකකාර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන රෝහල් ගතකර ඇති අතර ඇයගේ සැමියා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14