අලුතින් නිර්මාණයවන මූල්‍ය සංස්කෘතිය හරහා යළි කඩානොවැටෙන ආර්ථිකයක් (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සඳහා සුදුසුකම් ලැබීමත් සමඟ මෙරට බිඳවැටුණු ආර්ථිකය සම්බන්ධයෙන් විශ්වාසය නැවත ගොඩනැගීමක් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මේ තුළින් අලුතින් නිර්මාණය වන මූල්‍ය සංස්කෘතිය හරහා කිසිවිටෙක නැවත කඩානොවැටෙන ආර්ථික ක්‍රමයක් නිර්මාණයවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නව මූල්‍ය සංස්කෘතිය පදනම් වූ අයවැය ලේඛනයක් ඉදිරියේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

අද (22) අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

බදු පරිපාලනය ශක්තිමත් කිරීම සදහා වන වැඩසටහන ක්‍රියාත්මක වන බවත්, ඒ සදහා රජයේ වැඩි අවධානය යොමුකර ඇති අතර ජාත්‍යන්තර සහාය ද ලබාගෙන බදු පරිපාලනය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ඔහු මෙහි දී සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති විශ්වාසය මත ගොඩනැගෙන ස්ථාවර ආර්ථිකය දේශපාලණීකරනය කිරීමට ඇතැම් කණ්ඩායම් විසින් උත්සාහ කළ බවත් මෙරට ආර්ථිකය ස්ථාවර වීමේ ලොකුම අවාසිය පවතින්නේ විපක්ෂයට බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගැනීමේ දී එම ආයතන ලබන සියලු අලාභවල කොටස්කරුවන් ලෙස ජනතාවට පත්වීමට සිදු වූ බවත් මහා භාණ්ඩාගාරය විසින් එම අලාභ පියවීම හේතුවෙන් ජනතාවට එය සෘජුව බලපෑමක් සිදුනොවූව ද ජනතාව තුළටම එම බර දැරීමට සිදුවූ බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

රාජ්‍ය ව්‍යාපාරවල අලාභ පියවීම් අද වන විට මහ බැංකු විසින් බැහැර කර ඇති බවත්, නව සංස්කෘතියකට හා ක්‍රමවේදයන්වලට අනුගත වෙමින් ජලය, විදුලිය, ඉන්ධන සහ ගල් අඟුරු පිළිබඳව කළමනාකරණයකින් යුතුව එම ආයතන විසින් කටයුතු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?