අලුතින් නිර්මාණයවන මූල්‍ය සංස්කෘතිය හරහා යළි කඩානොවැටෙන ආර්ථිකයක් (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සඳහා සුදුසුකම් ලැබීමත් සමඟ මෙරට බිඳවැටුණු ආර්ථිකය සම්බන්ධයෙන් විශ්වාසය නැවත ගොඩනැගීමක් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මේ තුළින් අලුතින් නිර්මාණය වන මූල්‍ය සංස්කෘතිය හරහා කිසිවිටෙක නැවත කඩානොවැටෙන ආර්ථික ක්‍රමයක් නිර්මාණයවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නව මූල්‍ය සංස්කෘතිය පදනම් වූ අයවැය ලේඛනයක් ඉදිරියේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

අද (22) අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

බදු පරිපාලනය ශක්තිමත් කිරීම සදහා වන වැඩසටහන ක්‍රියාත්මක වන බවත්, ඒ සදහා රජයේ වැඩි අවධානය යොමුකර ඇති අතර ජාත්‍යන්තර සහාය ද ලබාගෙන බදු පරිපාලනය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ඔහු මෙහි දී සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති විශ්වාසය මත ගොඩනැගෙන ස්ථාවර ආර්ථිකය දේශපාලණීකරනය කිරීමට ඇතැම් කණ්ඩායම් විසින් උත්සාහ කළ බවත් මෙරට ආර්ථිකය ස්ථාවර වීමේ ලොකුම අවාසිය පවතින්නේ විපක්ෂයට බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගැනීමේ දී එම ආයතන ලබන සියලු අලාභවල කොටස්කරුවන් ලෙස ජනතාවට පත්වීමට සිදු වූ බවත් මහා භාණ්ඩාගාරය විසින් එම අලාභ පියවීම හේතුවෙන් ජනතාවට එය සෘජුව බලපෑමක් සිදුනොවූව ද ජනතාව තුළටම එම බර දැරීමට සිදුවූ බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

රාජ්‍ය ව්‍යාපාරවල අලාභ පියවීම් අද වන විට මහ බැංකු විසින් බැහැර කර ඇති බවත්, නව සංස්කෘතියකට හා ක්‍රමවේදයන්වලට අනුගත වෙමින් ජලය, විදුලිය, ඉන්ධන සහ ගල් අඟුරු පිළිබඳව කළමනාකරණයකින් යුතුව එම ආයතන විසින් කටයුතු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08