අලුතින් ඉතිහාසයක් ලියවුණු ඉන්දීය ජනපතිගේ ගුවන් ගමන

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු අද (29) හර්යානා හි අම්බාලා ගුවන් හමුදා කඳවුරේදී රෆේල් ප්‍රහාරක ජෙට් යානයකින් ගුවන් ගමනක් සිදු කරමින් ඉන්දියානු ඉතිහාසයේ නවමු සටහනක් තබනු ලැබුවා.

එරට ජානධිපතිවරයෙක් විසින් රෆේල් ප්‍රහාරක ජෙට් යානයකින් ගුවන් ගමනක් සිදුකළ පළමු අවස්ථාව මෙය වනවා.

මිනිත්තු 30 කින් පමණ සමන්විත වූ මෙම සංකේතාත්මක ගුවන් ගමන ඉන්දියාවේ වර්ධනය වන ගුවන් ආරක්ෂක හැකියාවන් සහ ජාතික ආරක්ෂාව සඳහා කාන්තා නායකත්වයේ කාර්යභාරය ඉස්මතු කරන බවයි වීදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය සන්නද්ධ හමුදාවන්හි උත්තරීතර අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයාට මෙම ගුවන් ගමන සඳහා පැමිණීමේදී චාරිත්‍රානුකූල ගෞරවාචාරයක් පිරිනමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?