Empty Ad
AFC Banner
Empty Ad

අලුත් පාපන්දු සම්මේලන නිලධාරීන්ට අතුරු තහනමක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට තේරී පත් වූ ජේ. ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම හෙට දින (19) තෙක් අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීති විරෝධී බවට සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් මහතා ගොනු කල රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා ඇමැති වරයා සහ එම සම්මේලනයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පසුගිය 14 වැනිදා පැවැති අතර එහි සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තමන් නාම යෝජනා බාර දුන් බවත් නාම යෝජනා කමිටුව එය පිළිගත් බව ද පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.

පසුව තමන්ට සුදුසුකම් නොමැති බව පවසමින් එම තනතුරට තරඟ වැදීමට බලධාරීන් අවස්ථාව නොදුන් බවයි පෙත්සම්කරු චෝදනා කළේ.

අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඉදිරිපත් වූ වගඋත්තරකාර ජේ.ශ්‍රී රංගා වැඩි ජන්ද 03කින් එම සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් වූ බව පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

මේ තුළින් තමාට දැඩි අසාධාරණයක් සිදුවු බවයි පෙත්සම්කරු කියාසිටියේ.

එබැවින් එම නිලවරණයේ ප්‍රතිපල අවලංගු කර අලුතින් නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?