අලුත් අවුරුද්ද උදා වූ රාත්‍රියේ බලංගොඩ මනුෂ්‍ය ඝාතනයක්

බලංගොඩ, පෙට්ටිගල ප්‍රදේශයේ දී පුද්ගලයකුගේ ගෙළ කපා ඊයේ (13) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා.

පෙට්ටිගල ප්‍රදේශයේ පැවැති මත්පැන් සාදයක් අතර තුර ඇති වූ ගැටුමකින් පසු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32ක ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් අටදෙනෙක් අද (14) දින අත්අඩංගුවට ගත් බවයි බලංගොඩ පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
3
+1
5
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?