AFC Banner
AFC Banner
Empty Ad

අලුත් අවුරුද්දට ගම් බිම්වලට යන්න අද දිනයේත් ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත්ය් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව උදෙසා අද (12) දිනයේදීත් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

උත්සවය සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවන් පෙරේදා (10) දිනයේ සිට ආරම්භ වුණා.

ඒ, අනුව හෙට (14) දිනය දක්වා විශේෂ බස්රථ ගමන්වාර 1400ක් යොදවන බවත් අවශ්‍ය නම් අතිරේක බස් රථ ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවා.

එමෙන්ම දුම්රියෙන් ගමන් පහසුකම් සලසා ගන්න මගී ජනතාව වෙනුවෙන් පෙරේදා (10) දිනයේ සිට ලබන 15 වනදා දක්වා අමතර දුම්රිය වාර 12ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම මණ්ඩලයේ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?