අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව අදත් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේදීත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා.

ඒ, අනුව අද දිනය තුළත් අවශ්‍යතාව මත අතිරේක බස් රථ ධාවනයට සැලසුම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයට සාපේක්ෂව මගී ජනතාවගේ අඩුවක් පෙන්නුම් කරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අද (13) දිනය තුළත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වර්තා වුණේ.

ඊට අමතරව දුම්රිය කිහිපයක මැදිරි සංඛ්‍යාව ද වැඩි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?