අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව අදත් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේදීත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා.

ඒ, අනුව අද දිනය තුළත් අවශ්‍යතාව මත අතිරේක බස් රථ ධාවනයට සැලසුම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයට සාපේක්ෂව මගී ජනතාවගේ අඩුවක් පෙන්නුම් කරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අද (13) දිනය තුළත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වර්තා වුණේ.

ඊට අමතරව දුම්රිය කිහිපයක මැදිරි සංඛ්‍යාව ද වැඩි කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20