AFC Banner
Empty Ad
Empty Ad

අලුත්ම WhatsApp App එකක් නුදුරේදීම

ලොව පුරා බිලියන දෙකකට අධික පරිශීලක සංඛ්‍යාවක් සහිත ජනප්‍රියතම chat platform එකක් වෙන WhatsApp, දැනටමත් Mobile App එකක් හා Web version එකක් ලෙස PC වලත් භාවිතා කළ හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති.

කොහොම වුණත් මෙහි Web version හි User interface හා පහසුකම් ආදිය පිළිබඳ එතරම්ම සෑහීමකට පත්විය නොහැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ නිසා, desktop සඳහා සහය දක්වන පරිපූර්ණ WhatsApp PC App එකක් අවශ්‍යතාවය කාලයක් තිස්සේම බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණු කාරණයක්.

මේ වන විටත් Windows සඳහා WhatsApp beta සංස්කරණයක් නිකුත් කර තිබෙන නමුත්, ජනප්‍රිය ඉතාලි වෙබ් අඩවියක් වන Aggiornamenti Lumia විසින් පළ කරන ලද screenshot හා GIF කිහිපයක් මූලාශ්‍ර කරගනිමින්, GSMArena වෙබ් අඩවි වාර්තා කරන්නේ නුදුරේදිම Windows හා MacOS සඳහා විශේෂයෙන්ම optimize කරන ලද පරිපූර්ණ අලුත් WhatsApp PC App එකක් එළිදැක්වීමට නියමිත බවයි.

මෙය Windows 11 හි theme එක වෙන transparent color panel සහිතව නිර්මාණය කරනු ඇති අතර, App එකෙන් ඉවත්ව සිටියදී පවා notification ලැබෙන ලෙස නිර්මාණය කෙරෙනු ඇති.

ඒ වගේම දැනට ඇති WhatsApp web version එකට log වීම සඳහා Process කීපයක තත්පර කීපයක්ම වැය කිරීමට සිදු වී තිබෙන නමුත්, මෙම නව PC App එක ඔබට තත්පරයකටත් වඩා අඩු කාලයකදී Open කර ක්‍රියාත්මක කරවීමට හැකියාව ලැබෙනු ඇති.

ඒ වගේම Touch display සඳහා සහාය දෙන පරිදි, drawing feature එකක්ද මෙම App එකට ඇතුළත් වෙනු ඇති බව ද වාර්තා වෙනවා.

මෙම PC App එක General, Account, Chats, Notifications, Storage, Help යන category 6 කින් වෙන්කර නිර්මාණය කරන බව Aggiornamenti Lumia වෙබ් අඩවිය පෙන්වා දෙන අතර, WhatsApp හි සාම්ප්‍රදායික ළා කොළ පැහැති chat background එකක්ද දැකිය හැකි වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.ඉතිං WhatsApp web version එක භාවිතා කිරීමේදී එන සීමාසහිත බව මෙම App එකත් සමඟ මගහැරී යනු ඇතැයි අනුමාන කළ හැකි අතර, නුදුරේදීම මේ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?