අලුත්ම WhatsApp App එකක් නුදුරේදීම

ලොව පුරා බිලියන දෙකකට අධික පරිශීලක සංඛ්‍යාවක් සහිත ජනප්‍රියතම chat platform එකක් වෙන WhatsApp, දැනටමත් Mobile App එකක් හා Web version එකක් ලෙස PC වලත් භාවිතා කළ හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති.

කොහොම වුණත් මෙහි Web version හි User interface හා පහසුකම් ආදිය පිළිබඳ එතරම්ම සෑහීමකට පත්විය නොහැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ නිසා, desktop සඳහා සහය දක්වන පරිපූර්ණ WhatsApp PC App එකක් අවශ්‍යතාවය කාලයක් තිස්සේම බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණු කාරණයක්.

මේ වන විටත් Windows සඳහා WhatsApp beta සංස්කරණයක් නිකුත් කර තිබෙන නමුත්, ජනප්‍රිය ඉතාලි වෙබ් අඩවියක් වන Aggiornamenti Lumia විසින් පළ කරන ලද screenshot හා GIF කිහිපයක් මූලාශ්‍ර කරගනිමින්, GSMArena වෙබ් අඩවි වාර්තා කරන්නේ නුදුරේදිම Windows හා MacOS සඳහා විශේෂයෙන්ම optimize කරන ලද පරිපූර්ණ අලුත් WhatsApp PC App එකක් එළිදැක්වීමට නියමිත බවයි.

මෙය Windows 11 හි theme එක වෙන transparent color panel සහිතව නිර්මාණය කරනු ඇති අතර, App එකෙන් ඉවත්ව සිටියදී පවා notification ලැබෙන ලෙස නිර්මාණය කෙරෙනු ඇති.

ඒ වගේම දැනට ඇති WhatsApp web version එකට log වීම සඳහා Process කීපයක තත්පර කීපයක්ම වැය කිරීමට සිදු වී තිබෙන නමුත්, මෙම නව PC App එක ඔබට තත්පරයකටත් වඩා අඩු කාලයකදී Open කර ක්‍රියාත්මක කරවීමට හැකියාව ලැබෙනු ඇති.

ඒ වගේම Touch display සඳහා සහාය දෙන පරිදි, drawing feature එකක්ද මෙම App එකට ඇතුළත් වෙනු ඇති බව ද වාර්තා වෙනවා.

මෙම PC App එක General, Account, Chats, Notifications, Storage, Help යන category 6 කින් වෙන්කර නිර්මාණය කරන බව Aggiornamenti Lumia වෙබ් අඩවිය පෙන්වා දෙන අතර, WhatsApp හි සාම්ප්‍රදායික ළා කොළ පැහැති chat background එකක්ද දැකිය හැකි වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.ඉතිං WhatsApp web version එක භාවිතා කිරීමේදී එන සීමාසහිත බව මෙම App එකත් සමඟ මගහැරී යනු ඇතැයි අනුමාන කළ හැකි අතර, නුදුරේදීම මේ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14