මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.
- වන අලින්ගේ ජල මූලාශ්‍ර තහවුරු කිරීම සඳහා රුපියල් මිලියන 80ක ප්‍රතිපාදනයක්.
- සිවිල් ආරක්ෂක නිලධාරීන් 5000 වන ජීවී දෙපාර්තමේන්තුවට ස්ථිර පදනමින් අනියුක්ත කරනවා.
- විදුලි වැට ඉදිකිරීම් කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා.
- විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් සහනදායි පොළියට නිවස ණය යෝජනාවක් හඳුන්වා දෙනවා.
- කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීම වෙනුවන් රුපියල් මිලියන 200ක් වෙන් කරනවා.
- 2026 ජනවාරියේ සිට වතුකම්කරුවන්ට දිනක වැටුප 1550 දක්වා වැඩි කිරීමට යෝජනාවක්, ඊට අමතරව පැමිණීමේ දීමනාව ලෙස දිනකර රජයෙන් රුපියල් 200 මුදලක් ලබාදෙනවා.
- ප්‍රජා සංවර්ධන සභා පිහිටුවමින් ගම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20750ක් වෙන්කරනවා.
- පාර්මේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන 10ක්.
- දඹුල්ල සහ දෙණියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථාපනයට රුපියල් මිලියන 1000ක්, වසර තුනක් තුළ වැඩ අවසන් කරනවා.
- අඩු ආදායම්ලාභී තැලසීමියා රෝගීන්ට රුපියල් 10000 මාසික දීමනාවක්.
- ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ඉදිකිරිමට රුපියල් මිලියන 1500ක් වෙන්කරනවා.
- මූලික රෝහල් 82 වසර පහකින් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 31000ක් වෙන්කරනවා.
- රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව වසර 05ක් ඇතුළත රෝහල් නවීකරණය කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1




