අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු සහකාර රස පරීක්ෂකවරයා තවදුරටත් රිමාන්ඩ්

පුද්ගලික රක්ෂණ ආයතනයකට වාසි වෙන ආකාරයට රස පරික්ෂක වාර්තා නිකුත් කර රජයට අයුතු පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගනු ලැබූ විශ්‍රාමලත් රජයේ අතිරේක රස පරීක්ෂක ලලිත්සිරි වෙලන්සියස් ජයමාන්න ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්.බෝදරගම නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරුට බන්ධනාගාරය තුළ දී නිසි ආරක්ෂාව සලසාදීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාටද නියම කර සිටියා.

සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට අද (09) පෙරවරුවේ ඉදිරිපත් කර තිබුණා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් වැඩිදුර බී වර්තාවක් ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාළව සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනිමට තිබෙන බැවින් තවදුරටත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවද පුද්ගලික රක්ෂණ ආවරණයක් සම්බන්ධයෙන් ඇති වී ඇති මෙම ප්‍රශ්න ගති සිද්ධියට අදාළව එම ප්‍රතිලාභීන් අතර මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට තිබීම නිසාත් මහජන කැලඹීමක් ඇතිවිය හැකි බව යන කරුණු සලකා බලා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් සිද්ධියට අදාළ සැකකරු අල්ලස් චෝදනා මත ඉකුත් 07 වන දින අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අන්තුරුව අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22
Video thumbnail
ඕස්ට්‍රේලියානු ජාතික සිසුන් පිරිසක් ඇවිත් කොලොන්නාවට ෆුල් සුද්දයක් දෙන හැටි
02:31
Video thumbnail
නූතනයේ අප දුටු දොස්තර හොඳ හිත..අවතැන් වූ අපේම මිනිස්සුන්ගේ පිහිටට ආ හැටි,
01:59
Video thumbnail
"බොරු බේගල් කියලා ජනතාව නොමග යවන්න එපා"..මිනිස්සු වෙනුවෙන් රෑ දවල් නොබලා අපි වැඩ කළා
06:17


?