අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු සහකාර රස පරීක්ෂකවරයා තවදුරටත් රිමාන්ඩ්

පුද්ගලික රක්ෂණ ආයතනයකට වාසි වෙන ආකාරයට රස පරික්ෂක වාර්තා නිකුත් කර රජයට අයුතු පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගනු ලැබූ විශ්‍රාමලත් රජයේ අතිරේක රස පරීක්ෂක ලලිත්සිරි වෙලන්සියස් ජයමාන්න ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්.බෝදරගම නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරුට බන්ධනාගාරය තුළ දී නිසි ආරක්ෂාව සලසාදීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාටද නියම කර සිටියා.

සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට අද (09) පෙරවරුවේ ඉදිරිපත් කර තිබුණා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් වැඩිදුර බී වර්තාවක් ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාළව සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනිමට තිබෙන බැවින් තවදුරටත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවද පුද්ගලික රක්ෂණ ආවරණයක් සම්බන්ධයෙන් ඇති වී ඇති මෙම ප්‍රශ්න ගති සිද්ධියට අදාළව එම ප්‍රතිලාභීන් අතර මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට තිබීම නිසාත් මහජන කැලඹීමක් ඇතිවිය හැකි බව යන කරුණු සලකා බලා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් සිද්ධියට අදාළ සැකකරු අල්ලස් චෝදනා මත ඉකුත් 07 වන දින අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අන්තුරුව අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?