spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරාබි රටවල්වලට යන අය වෙනුවෙන් භාෂාව පිලිබඳ පුහුණුවක්

අරාබි රටවල්වලට යන මෙරට පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් සඳහා අරාබි සංස්කෘතිය හා භාෂාව පිළිබඳ ප්‍රමාණවත් පෙර පුහුණුවක් ලබා දීම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.

අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි කවුන්සිලයේ සාමාජිකයන් සිව් දෙනෙකු හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක් ඊයේ (25) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුනා.

මෙරට අරාබි කවුන්සිලයේ නායක පලස්තීන තානාපති සුහායීර් එම්. එච්. ඩාර් සේයිඩ් මහතා (H.E.Dr. Zuhair M.H. Dar Zaid) සමග සවුදි, ඉරාක හා ඊජිප්තු යන රාජ්‍යයන්හි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනකු මෙම සාකච්ඡාවට එක් වූ අතර එහිදී උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?