අරලියගහ මන්දිරයට විශේෂ ආරක්ෂාවක්

අරලියගහ මන්දිරයේ ආරක්ෂාව තර කිරීම සදහා විශේෂ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ අද (26) සවස පොලිස් ට්‍රක් රථ හා බස් යොදාගෙන අරලියගහ මන්දිරය ඉදිරිපසින් වසා ආරක්ෂාව තර කර ඇති බවයි.

ඒ, දින කිහිපයක් තිස්සේ ජනතාව විසින් විරෝධතා පවත්වමින් සිටීම හේතුවෙනි.