AFC Banner
AFC Banner
Empty Ad

අරගල බිමට ආ කැස්බෑවෝ (වීඩියෝ)

ගාලුමෝදර වෙරළ තීරයට පසුගිය සති කිහිපය පුරාම රාත්‍රී කාලයේ පැමිණි කැස්බෑවුන් බිත්තර දමා තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව සහ පරිසර පොලිසිය එක්ව මෙම කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් යොදා තිබූ අතර අද වන විට ඉන් කැස්බෑ පැටව් රැසක්ම ආරක්ෂාකාරීව සිටින බවටයි වාර්තා වන්නේ.

පසුගිය සති කිහිපය පුරාම කැස්බෑවුන් මෙම ස්ථානවල බිත්තර දමා තිබූ අතර එම බිත්තර සහ පැටවුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ යටතේ වනජීවී දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබුණා.

රාත්‍රී කාලයේදී මෙම වෙරළ තීරයට ජනතාවට ඇතුළු වීම පරිසර පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් වළක්වා තිබෙනවා.

එම ප්‍රදේශය රාත්‍රී කාලයේ කැස්බෑවුන් පැමිණෙන ප්‍රදේශයක් ලෙස නම් කරමින් වනජීවී දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව ඒකාබද්ධ ව විශේෂ වැඩපිළිවෙළක්ද සකසා ඇති අතර අද පෙරවරුවේ නාවික හමුදාපතිවරයා, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම පරිසරවේදීන් ඇතුළු පිරිසක් ද මෙම ස්ථානයට පැමිණ සිටියා.

https://youtu.be/jqVYoeGO7ks
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?