අරගලය මැඩලන්න අධිකරණයෙන් වාරණ නියෝගයක් ?

ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වනවා. කොටුව පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ලබා ගැනීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

මෙම වාරණ නියෝග ඉල්ලීම හරහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගයේ ඇති අවහිරතා ඉවත් කිරීමට ඉවත් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි නීති ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේ එක්රැස් වී ඇති විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිශ්ට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වනවා. මෙම වාරණ නියෝග ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර විනිසුරු තිළිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?