අරගලයට සහාය දෙන්න වතු කම්කරුවෙකු අඩි 100ක් උඩට යයි

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති උද්ඝෝෂණයට සහයෝගය දැක්වීමටත්, රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවයේ නියැලී සිටි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත් විරෝධය පාමින් වතු කම්කරුවෙකු අඩි 100 උසැති ගසක් මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

නොර්වුඩ් , ඉන්ජස්ට්‍රි තේ වත්තේ පහල කොටසේ පදිංචි පලණියන්ඩි මුරුගේෂ් නැමති (44) හැවිරිදි අයෙකු එම වතු යායේ තේ වත්තේ පිහිටි අඩි 100 පමණ උසැති ගසක් මත නැග සිංහ කොඩියක් අතැතිව මෙම විරෝධතාවය ආරම්භ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහුට සහයෝගය දැක්වීම සඳහා එම වතුයායේ තවත් පිරිසක් ගස පාමුල රැඳී සිටින බවද සඳහන්.

ආරක්ෂක අංශ නිලධාරි තමන්ව ගසින් බැස්සවීමට උත්සහ කලහොත් ගසින් බිමට පැන සියදිවි හානි කර ගන්නා බවද පලණියන්ඩි මුරුගේෂ් අවධාරණය කර සිටින බව වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?