අයිස් සහ මත්පෙති භාවිත කර බස් රථය පැදවූ රියදුරු 119 පැමිණිල්ලකින් මාට්ටු වෙයි

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අනාරක්ෂිත අයුරින් ධාවනය වන බවට 119 හදිසි දුරකථන අංකය වෙත ලද අද (29) පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ මොරටුව රථ වාහන අංශයේ නිලධාරීන් විසින් මෙම බස් රථයේ රියදුරු, මොරටුව නගරය ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට කටයතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට, කොළඹ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක රියදුව වශයෙන් කටයුතු කළ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඔහුව පානදුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සනාථ වී ඇත්තේ මෙම රියදුරු අයිස් මත්ද්‍රව්‍ය සහ ෆ්‍රීකැප් නම් මත්කරල් වර්ගයක් භාවිතා කර ඇති බවටයි.

ඒ අනුව සැකකරු රියුරු මේ වන විට මොරටුව පොලිසියේ අත්අඩංගුවේ පසුවනවා.

33 හැවිරිදි සැකකරු හුංගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරුව හෙට (30) දිනයේ දී මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
4
+1
10
+1
3
+1
1
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?