Empty Ad
AFC Banner
Empty Ad

අයිස් සමඟ ඇල්ලූ එස්.අයිගේ වැඩ තහනම්

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 240ක ප්‍රමාණයක් වවුනියාව මත්ද්‍රව්‍යය පුනරුත්ථාපන කඳවුරට රැගෙන ගොස් සිටිය දී අත්අඩංගුවට පත්වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ (10) දින සිට බලපැවැත්වෙන පරිදි මෙම වැඩ තහනම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වැඩ තහනමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා වැල්ලව පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි අයෙක්.

මෙම පොලිස් නිලධාරියාගේ පුත්‍රයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා වවුනියාව මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළත් කර සිට තිබෙනවා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඉකුත් 08 වනදා සිය පුතු බැලීම සඳහා එම මධ්‍යස්ථානයට ගොස් ඇති අතර, එම මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අසල යුද හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් සමඟ නිල සුනඛයන් යොදවා සිටිනු දැක නිලධාරියා අත තිබූ යමක් ඒ ආසන්නයට විසිකර ඇති බවයි වාර්තා වන්නේ.

එය දුටු හමුදා නිලධාරියෙකු එය අහුලා පරීක්ෂා කිරීමේ දී පොලිස් නිලධාරියා විසින් විසිකර ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබෙනවා.

ඒ, අනුව අදාළ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන වවුනියාව පොලිසියට භාරදී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?