අයිස් සමඟ ඇල්ලූ එස්.අයිගේ වැඩ තහනම්

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 240ක ප්‍රමාණයක් වවුනියාව මත්ද්‍රව්‍යය පුනරුත්ථාපන කඳවුරට රැගෙන ගොස් සිටිය දී අත්අඩංගුවට පත්වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ (10) දින සිට බලපැවැත්වෙන පරිදි මෙම වැඩ තහනම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වැඩ තහනමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා වැල්ලව පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි අයෙක්.

මෙම පොලිස් නිලධාරියාගේ පුත්‍රයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා වවුනියාව මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළත් කර සිට තිබෙනවා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඉකුත් 08 වනදා සිය පුතු බැලීම සඳහා එම මධ්‍යස්ථානයට ගොස් ඇති අතර, එම මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අසල යුද හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් සමඟ නිල සුනඛයන් යොදවා සිටිනු දැක නිලධාරියා අත තිබූ යමක් ඒ ආසන්නයට විසිකර ඇති බවයි වාර්තා වන්නේ.

එය දුටු හමුදා නිලධාරියෙකු එය අහුලා පරීක්ෂා කිරීමේ දී පොලිස් නිලධාරියා විසින් විසිකර ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබෙනවා.

ඒ, අනුව අදාළ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන වවුනියාව පොලිසියට භාරදී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48