අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මුරුංකන් පොලිස් ස්ථානය අසල මාර්ග බාධකයේ දී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9යි ග්‍රෑම් 920ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) රාත්‍රි කාලයේ දී ලොරි රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ක්ෂණීක මාර්ග බාධයක් යොදා වාහන පරීක්ෂා කර ඇත.

එහිදී අණ නොතකා ධාවනය වු ලොරි රථයක් පසුපස හඹා ගොස් නවතා පරීක්ෂා කිරීමේ දී එම මත්ද්‍රව්‍ය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 හා 42 යන වයස්වල වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (02) මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?