කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් ගත් මගියෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් දෙකක් ඊයේ (09) පස්වරුවේ සොයා ගැනුණා.
හැටන් ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අදාළ සැකකරු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පුද්ගලයෙකු ගමන් කරන බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් බස් රථය බගවන්තලාව නගරය වෙත පැමිණි අවස්ථාවේ බස් රථය පරික්ෂා කර සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.
බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුයායක පදිංචි අවුරුදු 38 ක් පමණ වයසැති සැකකරු මත්ද්‍රව්‍යය භාවිතයට තදින් ඇබ්බැහි වු අයෙක් බවට දැනට කර ඇති මුලික විමර්ශන මගින් තහවුරු වී ඇති බවයි පැවසෙන්නේ.
සැකකරු මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වූ අයෙක් බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසියේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.