AFC Banner
Empty Ad
Empty Ad

අයිස් කිලෝ 10ක් ගුවන්තොටේ දී අල්ලයි – ගුවන් මගියා මැලේසියාවේ සිට ඇවිත්

මෙරටට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම ගුවන් මගියා MH-179 දරන ගුවන් යානයෙන් ඊයේ (18) රාත්‍රී 11.00ට මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී මොහු විසින් රැගෙන ආ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී තේ කොළ සහ කෑම පැකට් තුළ සඟවා තිබිය දී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බවයි ගුවන්තොටුපොළ රේගුව සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා ශ්‍රී ලාංකික ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?